Friday 27 May 2016

කෙල්ලො එහෙම කියද්දී IP ට මොනා හිතෙන්ට ඇද්ද....





හහ්.. පොල්කිච්චට විතරද බෝඩිං කතා කියන්ට තියෙන්නේ . පොල්කිච්චිත් ඉතිං බෝඩිං වල කරක් ගහලා නැතුවයැ. පොල්කිච්චගේ බෝඩිං කතාවට එහා ගිය කතාවක් කියන්ටයි මේ මං පොල්කිච්චි තතනන්නේ.

පොල්කිච්චිව ඉතිං බොහෝම තරුණ  අවධියෙම ගුරු විද්‍යාලෙට තේරුණා නොවැ. යාංතං අවුරුදු  21 යි බොලං වයස එතකොට. තරුණ  ගැටිස්සි කාලේනෙ අප්පා.

හැබැයි ඉතිං මේ වෙනකොට පොල්කිච්චි විස්ස විජ්ජාලෙත් මාස හය හතක් ගත කොරලයි තිබුණේ.

අපේ තාත්තලා යන කාලේ වගේ නොවෙයි නොවැ දැන් ගුරු විද්‍යාල.
නම හිටංම වෙනස් කොරලනේ.

දැං ඒවට කියන්නේ විද්‍යාපීඨ කියලා නොවැ.

ඔය  විද්‍යාපීඨ වලට ඉතිං දීග ගිය අයව ඇතුල් කොර ගන්නෙ නැති නිසා  තරුණ  ඈයෝම තමයි හිටියේ.

මේ දවස්වොල හැමෝගෙම කතාව නවක වදය නිසාම මේ කතාවත් නවක වදයෙන්ම පටං ගන්නං හෙනං.

ඉදුං හිටුං කෑම බීම  ඔක්කොම එක්ක ගුරු පුහුණුව  දෙන හිංදා අපිට නිතරම එළියට යන්ට ලැබුනෙ නැහැ නොවැ. කොරන කෙළි ඔක්කොම ඉතිං ගේට්ටුවට ඇතුළෙදි තමයි.

කොහොමින් කොහොම හරි විද්‍යාපීඨෙට ගිය ගමන්ම ඉතිං පොඩි පොඩි වද වලට වගේම ලොකු ලොකු වද වලටත් ලක් නොවුණාම නොවේ ඉතිං.

ඒ කතා නං පස්සෙ කියන්ට බැරුවයැ.
යමුකො ඉතිං අපේ කතාවට.

අපේ නවකයෝ අතර උන්නා ටිකක් උස මහත ඇඟපත තියෙන පොලිසියේ ඉහළ තානාංතරයක් දරණ  පෙණුම තියෙන ගජ ඉලංදාරියෙක්.
අපිත් හොරෙං හොරෙන් උන්නැහෙ දිහා නොබැලුවත් නොවේ ඉතිං .

ඇයි අප්පා අපිත් ඇස් කන් තියෙන කෙල්ලො නොවැ.

කොහොමිං කොහොම හරි අපිව අල්ලගත්තු ජ්‍යෙෂ්ඨ උන්නැහෙලා ටිකක් ඈතිං ඉන්න නවක ඉලංදාරි රැළක්  පෙන්නලා කියපි "අතන ඉන්න IP ට එන්ඩ කියපිය" කියලා.

අපි කෙල්ලො ටික එකළ මෙකල  වෙනකොට මං පොල්කිච්චි  දිහා බලලා අණ කරපි "තෝ පල" කියලා.

ඇයි හත් ඉලව්වෙ අච්චරක් කෙලිච්චියො මැද්දෙ මුන්ට මාවම පෙනුණ එකනෙ කාරිය. අපේ එකීල නං කිව්වෙ     "බොගේ මනමාල පෙනුමට තමයි බෝවම පේන්නෙ " කියලා. ඇයි දෙයියනේ බෝ පැලේ වගේ ඉන්න අහිංසක මට කියපු කතාව බලන්ටකෝ.

ඔන්න  ඉතිං  මමත්  මරන්ට යන්නැහේ අරුං මැද්දට ගිහිං අහපි "කවුද IP කියන්නේ " කියලා.

ඒ වෙලාවේ එතන උන්නු එවුන් හරියට මං දිහා බැලුවෙ ග්‍රහලෝකෙන් ආපු එකියක් දිහා බලන්නැහේ.

මමත් ඇරියෙ නැහැ . ආයෙත් කිවුවා "අර උත්තමයො IP ට එන්ට කිව්වා" කියලා.
කොහොමිං කොහොම හරි අර පොලිස් පෙනුම තියෙන ඉලංදාරියා ලැජ්ජාවෙන් ඇඹරී  ඇඹරී  ආවා කියහංකෝ මාත් එක්ක.

ඔන්න ළගට ආවට පස්සෙ ජ්‍යෙෂ්ඨ  උන්නැහෙලා  ටික නිවේදනයක් නිකුත් කරපි "මූට මීට පස්සේ IP කියහල්ලා" කියලා.

අපිත් වදය කාලෙන් පස්සෙත් දිගටෝම උන්නැහෙට කතා කොලේ IP කියලමයි.

මුලින් මුලින් ලොකු අකමැත්තක්  පෙන්නුවට පස්සේ පස්සේ මේකටත්  ගාණක් නැති උනාද කොහෙද.

වැඩෙි කියන්නේ මුංදත් වැටුණේ මගේ පංතියටමයි බොලං. ඒ විතරක් යැයි ගුරු පුහුණු වලට පිට ඉස්කෝල වලට ගිය අපේ කණ්ඩායමෙත් මුංදැ හිටියා.

අපි ඉතිං පාරෙ තොටෙිදී වගේම  ඉස්කෝලෙදිත් මුන්දැට කිව්වේ IP කියලා.

හැබැයි අපි කෙල්ලෝ එහෙම කතා කොරනකොට අනිත් කොල්ලෝ අපි දිහා නක්කලේට වගේ බැලුවා.

උං එහෙම බැලුවට අපේ මොකෝ. අපි ඌට දිගටම IP කිව්වා.

අපි කෙල්ලෝ හිතුවා මුන්දැගේ තියෙන පොලිස් පෙනුමට IP කියන නිල නාමය දීලා කියලා .

කොහොමින් කොහොම හරි නේවාසික අවුරුදු 2 ඉවර වෙලා අන්තිම දවසේ සමුගැනීමේ සාජ්ජෙකුත් තිබුණා බොලං.

ඔන්න ඔය සාජ්ජෙ මැද්දෙ අපි කෙල්ලො මැද්දට ආපු කටහැකර ඉලංදාරියෙක් "උඹලා දන්නවද
අරූට IP කියන්නෙ මොකද කියලා" අපෙං අහපි.


අපි ඉතිං දන්න විදියට කිව්වා "පොලිස් පෙනුම නිසානේ" කියලා.

මේකා බඩ අල්ලගෙන හූ කිය කිය හිනාවෙන්න ගත්ත කියහංකෝ.

ටිකකින් හිනාව නවත්තලා මෙන්න මේකා IP ගෙ කතාව කියපි.

ඔන්න අහගන්ටලකෝ මුන්දැගේ භාෂාවෙන්ම කතාව.

"රැග් එක කාලේ උඹලට වගේ නෙවෙයි බං පිරිමි හොස්ටල් එකේ එක එක විදියෙ රැග් තිබුණා .

ඔන්න එක රැග් එකක් තමයි අපි ඔක්කෝම හෙළුවෙන් පේළියට හිටවලා අපේ අරකේ දිග මනින එක.

එකෙක් මැන මැන අඟල් ගාන කියනවා. තව එකෙක් ඒක ලියා ගන්නවා.

කොහොමිං කොහොමහරි මැන්න එකා IP යා ළඟට ආවම පුදුම වෙලා බලන්ට ගත්ත‍.

අපිත් ඉතිං හොරැහිං බැලුවා බං. කුතුහලේනේ.

අම්මො උගේ එකේ දිග.

ඔන්න තප්පරේට උත්තමයෝ ටික වටකොර ගත්තෙ නැතැයි අරූව.

කට්ටියක් කැරකි කැරකි බලනවා. සමහරු ඈතට ගිහිං බලනවා. අනිත් උං දිග මනිනවා. වැඩ කෝටියයි.

අන්තිමට එක උත්තමයෙක් කිව්වා " යකෝ මූට තියෙන්නේ ඉන්ටර්නැෂනල් xxxක් නේ. ඒ නිසා මූට අපි IP කියමු " කියලා.
ඔන්න අරූට IP නම වැටුන හැටි."

කොහොම හරි මේ කතාව කියලා ඉවර වෙනකොට අර හිටපු කෙල්ලෝ ටික කොහෙන් ගියාද කියලා හොයාගන්ටත් නැහැ.

ඔන්න මං පොල්කිච්චිත් වාෂ්ප උණේ ලැජ්ජාවටම තමයි.

ඇයි බොලල්ලා ටිකක් හිතහල්ලකෝ  හැම වෙලාවෙම කෙල්ලෝ ටිකක් IP.....IP  කියද්දි අරූට මොනවා හිතෙන්ට ඇද්ද කියලා .

අපිත් එක්ක හිටපු කඩප්පුලි එකියක් නම් කිව්වෙ  "කෙල්ලෝ ඕක කියද්දි ඌට ආඩම්බර හිතෙන්ට ඇති" කියලයි.

එහෙමයි කියලා අපි ඉතිං උගෙන් අහන්ටයැයි මොකද හිතුණේ කියලා නේද අප්පා....





20 comments:

  1. පොල්කිච්චිටයි කෙල්ලො ටිකටයි ඉන්ටනැෂනල් අහවල් එක බලා ගන්න බැරි වුණ එකට තාමත් දුකයි වගේ..

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ඉන්ටනැෂනල්ම නොවුණත් ඔය පොල්කිච්චගෙ එක තියෙන්නෙ බලා ගන්න.

      Delete
  2. ඉතින් පොල්කිච්චී ගැටිස්සි කාලේ ගැට දෙක ඉස්සිලා තිබුනද එහෙදි මිරිකලා උස්සලා දුන්නද කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. ඒවා නං කලින්ම ඉස්සිලානෙ තිබුණෙ. ආයෙ මොනා උස්සන්ටද අප්පා.

      Delete
  3. කතිර ගහ ගහ ඉන්න එකේ ඕකත් කෙලින්ම කියල දැම්මනං මක්වෙනවද අප්පා.මෙන්න මේ කතාව කියවල නැද්ද.
    http://helapakade.blogspot.com/2013/03/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. පොල්කිච්ච ලිව්ව නං පයන්න එක්කම ලියනව ෂුවර්. මං පොල්කිච්චි තවම කුලෑටියි නොවැ....හිකිස්...

      Delete
  4. කේ.රම්බෝ ලා,ජී.මාලා,යූ ශිරෝමී,එම්.කොයිලී ,කෙ.අලියා කොච්චර අය හිටියද අප්පා.. හැබැයි එව්ව නම් ප්‍රසිද්ධ නම්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ කෂ්ටිය පෝලිමේ.....ජයෙන් ජය වේවා...!

      Delete
  5. මේක 18 ප්ලස්‌ කථාවක්, ඔය පොඩි එවුන් දුවපියව්...කෝ මේ බ්ලොග් පොලිසිය????

    ReplyDelete
    Replies
    1. මචෝ ළඟදීම ලියනවලු පොල්කිච්චා පොල්කිච්චිගේ උඩ නැගලා කිචි කිචි කරපු හැටි

      Delete
    2. අනේ මට මොකක්ද මොකක්ද වගෙයි මෙයා...ඔයා ඕව ලියන්නහෙම නෑ ඕං...

      Delete
  6. ඌ එක්ක යාලු වෙලා බැඳ ගත්ත නං අර බාවා ගැන තියෙන කතා ඇත්තද කියලා ලියන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. එව්වා කොහෙද මාත්තෙක්ක....ඇරත් පොල්කිච්චි ඕවට එච්චර උනන්දුවක් නෑ....මේ තියෙන එක ඉහටත් උඩින් කියලයි කියන්නෙ.

      Delete
    2. ඒ කියන්නෙ පොල්කිච්චගෙ බාවත් ලේසිපාසු එකක් නොවෙයි වගේ. හැබැයි ඕක ලොකු වුණාටම වැඩක් නෑලු නේද...සයිස් එකට වඩා වැඩලු නේද ඕනැ කරන්නෙ.

      Delete
  7. කට්ටිය මොනා කීවත් රැග් එකෙත් මාර ජොලියක් තියෙනව කියන්නෙ ඒකනෙ. නැත්නං කොහොම දැනගන්නද IP ගෙ බාවගෙ සයිස් එක international කියලා.
    පොල්කිච්චිලා තවමත් තලු මර මර සිහිකරන රසවත් අතීතය.

    ReplyDelete
    Replies
    1. නොකී කතාටත් ඇතිනෙ ඔය වගේ තලුමරන කතා. හිටහල්ලකෝ ඉස්සරහට තව ලියන්නං.

      Delete
  8. අපිත් එක්ක හිටියා අයිපී එකක් තියෙන එකෙක් රියෙන්සි කියලා. ඌට හැමෝම කිව්වේ මෝලා කියලා. මෝල් ගහක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. බලං ගියාම IPල වැහි වැහැලද මංදා. පොල්කිච්චන්ට කොහෙන්ද ඉන්ටනැෂනල් බඩු.

      Delete
  9. අපේ සීනියර් බැචෙක් හිටිය ඌ පීඩී. පීඩී කියන්නෙ $යි දන්ඩා.
    අපේ බැචියක් හිටිය ටීඑල්.....(නම)... . ටීඑල් කියන්නෙ තන් ලොකු!

    ReplyDelete