Sunday 1 May 2016

මෙන්න ඉතිං පටං ගත්ත කැකිරි පලන පොල්කිචි කතා





මම පොල්කිච්චා...
ඕන්න ඉතිං අපි පොල්කිචි ජෝඩුව කච බචේ පටන් ගන්නයි යන්නෙ. පොල්කිච්චිට කතා ගොඩක් තියෙන හංදා එයා වැඩියෙන් ලියන්නම් කිව්වා.

මම පොල්කිච්චී...
ඔන්න බලන්න වැඩේ...දෙන්නම ලියමු කියල පටන් අරං දැන් මෙයා මග අරින්න යනවෝ..වස කම්මැලියෙක් අනේ..

කම්මැලිකමක් නොවෙයි බං...මට මේ වයසට යනවත් එක්කම අමතක වීමේ ලෙඩේ හැදිලද කොහෙද..පොල්කිච්චි නං ඉතිං තාම ගැටිස්සි නොවුණත් ගැටිස්සි කියල හිතාගෙන ඉන්න නිසා කතා හොඳට මතකයි..

ගමේ කතා, කැම්පස් කතා, පාසලේ කතා, අහපු කතා, ඇහුණු කතා, අපිට වෙච්චි කතා, පන්සලේ කතා, පල්ලියෙ කතා, එකී කතා, මෙකී කතා, වැඩියෙන්ම කඩප්පුලි කතා...

අම්මෝ...මෙයාමයි කිව්වෙ ඔය කඩප්පුලි කතා ටිකකුත් කියල දාමු..එතකොට කට්ටිය එකක් ලිවම තව එකක් එන තුරු බලා ඉඳීවි කියලා..

හරි ඉතිං එහෙම කියන්න වුණත් දැනං ඉන්න එපැයි...

අපේ ඔය හොර බොරු නැහැනෙ....අපි දැනං ඉන්න ඒව කියනව තමයි. හංගන්නෙ නැතිව..

දැනං උන්නත් ටියුබ් ලයිට් හංදා තේරෙන්න වෙලා ගතවෙනවනෙ.

මොකක්ද අනේ ටියුබ් ලයිට් කියන්නෙ..

ඒකත් කියා දීපල්ලකෝ ඉතිං......ඒකත් ටියුබ් ලයිට්ද.... කොහෙද...

ඔන්න දැං තේරෙනවනෙ මොකද වෙන්න යන්නෙ කියලා...පොල්කිච්චි කතා ගොඩාක් දන්නවා...පොල්කිච්ච දන්නෙ ටිකායී..
පොල්කිච්චි කතා කියන්න හපනී..කච..බච..කච..බච...
පොල්කිච්චා ඇඹේනිට මහන්සි දැනෙද්දි සබයට එනවා...

බෑ..බෑ...එහෙම බෑ....ඔන්න එහෙනම් මෙහෙම කරමු...පොල්කිච්චි කතා දෙකයි....පොල්කිච්චා කතාවකුයි.......ඒ විදිහට...

නෑ....නෑ...එහෙම බෑ....පොල්කිච්චි කතා තුනයි...පොල්කිච්චා කතාවයි ගානෙ ලියමූ.......

හරි....රණ්ඩු ඇති...අපි පටන් ගනිමුකෝ...එතකොට බලාගන්න බැරිවයැ කව්ද...කොහොමද ලියන්නෙ කියලා...

ඔන්න ඉතිං පොල්කිච්චයි...පොල්කිච්චියි වන අපි දෙන්න දෙමල්ලෝ කටකමසිරියාවක් නැතිව අපේ කතා පෙට්ටගම අවුස්සන්නයි යන්නේ... 




12 comments:

  1. පොල්කිචි ජෝඩුව ආදරේට රණ්ඩු වෙවී කියන කතා අහන්න බලන් ඉන්නවා. පටන් ගන්න විදිහෙන්ම පේනවා දෙන්න යන්නෙ කියල දොඹෙන්ම..

    ReplyDelete
    Replies
    1. අපි දෙන්න ඉතිං රණ්ඩු කරන්නෙ ආදරේ වැඩිකොමටනේ. කතා ලියන්න කිය කියා පොල්කිච්චා කරදර කරද්දි තමයි රණ්ඩු කරමින් හරි පොල්කිච්චිත් ලියන්න ගන්නේ.

      Delete
  2. වර්ඩ් වල ලියල නේද කොපි කරල මේකෙ පේස්ට් කරන්නෙ
    ඒහිංදයි ඔය සුදු පාට බැක් ග්‍රවුන්ඩ් එකක් පේන්නෙ
    මේම කරන්න.
    වර්ඩ් වල ලියල හිටං කොපි කර ගන්න. ඊට පස්සෙ නෝට් පෑඩ් එකක් ඕපන් කරල ඒකට පේස්ට් කරන්නඓ්ක සේව් කරල එතනිං කොපි කරල ගන්න. ඊට පස්සෙ මෙතන පේස්ට් කරනන
    හරිගියෙ නැත්තං කියන්න
    ටඩාං

    ReplyDelete
    Replies
    1. ඔය යන්තර සූත්තර වැඩ දන්නෙ ඉතිං පොල්කිච්චම තමයි. උන්දැව ඉතිං අල්ලගන්න එක තමයි අමාරුව.නඩලං ගහලා ගහලා වරෙංකො ගෙදර.මේ වැඩේ නොකොලොත් අැදට ගන්නවා බොරු.

      Delete
    2. ඔය කිව්වට එහෙං මෙහෙං කොටද්දි ඇඳට ගනියි. ඔය පස්ස උඩ දාගෙන දොයි වගේ ඉන්නෙ බොරුවට. මම නොදන්න පොල්කිච්චී.
      හැබැයි හෙට මේක නොහැදුවොත් නං ඉඳල හමාරයි.

      Delete
  3. ලියමුකෝ එහෙනම් අපි එන්නම්කෝ කියවලා යන්න

    ReplyDelete
    Replies
    1. ලියංඤං.ලියංඤං.පටාං ගත්තු එකේ නොලියා කොහොමද...

      Delete
  4. අදයි දැන ගත්තේ මේ පොල්කිචි කතා ගැන!

    පොල්කිච්චෝ දෙන්නෙක් දකින එක හොඳයි කියනවානේ එකෙක් දකිනවාට වඩා.

    One for sorrow
    Two for joy
    Three four wedding
    Four for a death

    නේද?

    ReplyDelete
  5. පටන් ගැනීම ලේසියි. දිගටම කරගෙන යෑම තමයි අභයෝගය.

    ඒ අභියෝගය ජය ගන්න දිරිය ලැබේවා!

    ReplyDelete
  6. පොල්කිචි හොරේ මට නම් අහුවුණා.

    ReplyDelete
    Replies
    1. හපොයි! පොල්කිච්චා ගම කාගෙන වගේ. පොල්කිච්චට ඉතිං හොරෙන් වැඩක් කොරන්ට පුළුවනැයි.
      රසික අයියා එහෙනම් වැඩේ අල්ල ගත්තා. කට හොල්ලනවා එහෙම නෙවෙයි හොදේ.

      Delete
  7. එල! උඹලගෙ කෑගැහිල්ල මැවිල පේනව. පොල්කිචි සද්දෙට වැඩිය ඇහෙන්නෙ දෙමලිචි සද්දෙ වගේ. අදයි ආවෙ මේ පැත්තෙ ඔන්න ඔක්කොම පෝස්ට් ටික කියෙව්ව.

    ReplyDelete