මේ කතාව නං හැබැයි මං පොල්කිච්චිට සිද්ධ වුණ එකක් හෙම නොවෙයි ඕං.
පොල්කිච්චි ඇදුරුකං කොරන ඉස්කෝලෙ ඇදුරුතුමෙකුට වෙච්චි සංගෑදියක් මේක.
අපේ ඉස්කෝලෙ ඉන්නව ටිකක් ඇහැට කනට පේන හිංගල උගන්නන ගුරුතුමෙක්.
ටිකක් තලත්තෑනි උණාට හැබැයි උන්දැ ඉතිං බොහෝම කටකාරයි.
මුන්නැහේ ඉස්කෝලෙ එන්නෙ තරුණ පහේ ඉළංදාරි පාවිච්චි කොරන ජාතියේ යතුරුපැදියක.
ඔන්න ඉතිං දවසක් මුන්නැහේ අර කියාපු වාහනෙන් ඉස්කෝලෙ එන්ට පිටත් වුණාලු.
ඔන්න ටික දුරක් එනකොට......
හෙනං ඉතිං ඒ කතාව උන්නැහේගෙන්ම අහගන්ටකො.
ඔන්න මම එදා ටිකක් පරක්කු වෙලයි ගෙදරින් පිටත් වුණේ.
ඒ හිංද මං ඉතිං ටිකක් වේගෙන් තමයි ආවෙ.
ඔන්න ටික දුරක් එනකොට සන්ග්ලාස් එකක් ඇඳුමෙ ඉස්සරහ ගහගෙන, ටිකක් කොට ටයිට් සායක් ඇඳගත්ත, යහමින් මේකප් දාගත්ත කාන්තාවක් පාරට පැනල අත දැම්ම කියහංකො.
මට ඉතිං උන් හැටි තැන් අමතක වුණා බොලල්ලා.
ගැහුණා බ්රේක් පාරක් එක තැන.
කොල්ලන්ගෙ භාෂාවෙන් කියනව නං අර කෑල්ලත් හිනා වුණා කියහංකො.
මගේ ඉහේ මලක් පිපුණ වගේ බං.
මමත් පනාව දාන ගමන් මතක් කොලේ වෙන මොකවත් නොවෙයි. මහ පාරෙ වලවල් තියෙන තැන්, අර හැමදාම වගේ බුරාගෙන් පනින බල්ලො ඉන්න තැන් වගේ හයියෙන් බ්රේක්ගහන තැන් ගැන විතරක් නොවෙයි. දෙයියො බලල වගේ වාහන ට්‍රැෆික් එකකටම අහුවෙනවනං කියලත් හිතුණ බං.
උඹලට කියන්ට මට ඉතිං ඒ තත්පරේට පැය ගාණක් සිද්ධ වෙන්ට තියෙන දේත් පෙනුණා බොලල්ලා.
කොහොමින් කොහොම හරි ඔය අල්ලපනල්ලේ කන ළඟින් ඇහුණෙ නැතැයි පෝං පෝං ගාල අලි හෝන් සද්දයක්.
මට යකා නැග්ග පාරට හැරිල බැලුව මොකාද මේ තදියන්ං කාරය කියල.
යකෝ අපි වැඩක් කරගන්න යනකොටනෙ මුනුත් හෝන් ගහන්නෙ.
මට ගිය තරහට ප්‍රෙෂර් තිබුණ නං එතනම සෙත්තපෝච්චි.
මං පස්ස හැරිල බලන අල්ලපනල්ලෙ අර කෑල්ල දුවල ගිහිං අර හෝන් ගහපු බස් එකට නැග්ග කියහංකො.
එතකොටයි බොලල්ල මට තේරුණේ අර කෑල්ල අත දික් කොරල තියෙන්නෙ මට නොවෙයි බස් එකට කියලා.
අර මවා ගත්තු හීන මාළිගා ඔක්කෝම කඩා වැටිල මං ඉතිං ඕක කල්පනා කොර කොර ඉස්කෝලෙට එනකොට මෙන්න බොලේ රතු ඉරත් වැදිල.
එදායින් පස්සෙ වයසක උන්දෙක් අත දැම්මත් මට සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බැලෙනව බං.
හානේ..........හරිම ජෝක් විහිලු හිනා මනා ගූ හතේ වල්පල් ගොඩක් නොදකින් බලන්න ආවටත් ණයයි
ReplyDeleteවෙන මොනව හරි බලන්න හිතාගෙන ආපු ජොකියෙක්
Deleteණය නොවී ගියා නං හරිනෙ. ආයෙ නං එන්න හිතන්නවත් එපා ඕං.
Deleteමේකෙ තියෙන්නෙ මාර ජොලි කතා ටිකක්නෙ. තේරෙන්නෙ නැතිවුන් පව් නොදී පලයව්. අපි නම් දිගටම බලනවා.
Deleteඅප්පද බොල....ජොලි කතා අහුරක් නොවැ... දිගටම ලියපල්ලා...
ReplyDeleteමේව කියවද්දි ඔටුවටත් ආයෙම ලියන්න පණ පෙවෙනව ඕං...
දිගටම ලියනවමයි. අත්තටු හතරක්ම තියෙනව නෙ. එයා බිසි නං මෙයා ලියනවා.
Deleteසික් විතරක් ලැජ්ජාව!
ReplyDeleteලැජ්ජාවෙ පණ යනව රාජෝ...
Delete