මේ කියන්ට සූජානම් වෙන සංගෑදිය වෙලා තියෙන්නේ ඕං මං පොල්කිච්චා විස්ස විජ්ජාලෙ යන්ටත් සෑහෙන කාලෙකට කලිනුයි බොලල්ලා.
මං හිතන්නේ හාල් පොලු ආංඩුව පිහිටෙව්ව කාලෙ වෙන්ට ඕනෙ.
මේ කතා කෑල්ල අහුල ගත්තෙ නම් ඉතිං පොල්කිච්චට නිකන් කට තියන් ඉන්ට බැරුව පේරාදෙනියෙ හොස්ටල් වලට ගැහැනු පිරිමි ළමයි බෙදල තියෙන විදිහෙ අවුලක් පෙනිල ඒ මොකෝ කියල ජේස්ට උත්තමයින්ගෙන් අහපු පුරස්නෙකින් අප්පා..
හැම විස්ස විජ්ජාලෙකම වගේ පිරිමි හොස්ටල් තියෙන්නෙ එක කිට්ටුව වගේම තමයි කාන්තා හොස්ටල් තියෙන්නේ එවායෙන් ටිකක් ඈතට වෙන්ට එක පොකුරට .
වැඩේ කියන්නේ හැබැයි පොල්කිච්චා විස්ස විජ්ජාලේ යන කාලේ පේරාදෙනියේ හොස්ටල් වල පොඩි වෙනසක් තිබුණා.
පිරිමි හොස්ටල් මැද්දේ තියෙන විජේවර්ධන එකේ මෙන්න බොලේ කෙල්ලෝ ඉන්නවා.
ඒ වගේම තමයි කාන්තා හොස්ටල් මැද්දේ තියෙන හිල්ඩා එකේ කොලු නඩයක් නවාතැන් අරගෙන.
පොල්කිච්චට ආව පුරස්නේ තමයි ඕං ඕක.
කොල්ලො ගොඩේ ඇයි කෙල්ලො ඉන්නෙ කියන එක.
අපරාදේ කියන්ට බෑ ජේස්ට උත්තමයත් හොදට ලුණු ඇඹුල් ඇතිව කියලා දුන්නෙ නැතැයි ඕං විජේවර්ධන එකෙන් කොලු නඩේ චුත කොරපු කතාව.
විස්ස විජ්ජාලේ පටන් ගත්තු සන්දියේ ඉඳන් විජේවර්ධන එක කොලු නඩයෙ නවාතැන් පොළක් තමයිලු බොලල්ලා.
විජේවර්ධන එක තියෙන්නේ ඉතිං රේල් පාරට බොහෝම කිට්ටුවෙං නොවැ.
සරසවි උයන ඉස්ටේසම විවෘත කොරන්ට හරි, එහෙම නොවේනං වෙන උත්සවේකට හරි කන්ද උඩරටට ආපු අගමැතිනි පේරාදෙනිය ඉස්ටේසමේ ඉඳන් සරසවි උයන ඉස්ටේසමට උත්සවසිරියෙන් කැඳවගෙන ඇවිත් තියෙන්නෙ රේල්ලුවෙන්නෙ.
රේල්ලුව හොඳට සරසල, ලොකු පොරචාරයකුත් දීලයි කියහල්ලකො අගමැතිනියව කැන්දගෙන ඇවිත් තියෙන්නෙ.
පත්තරකාරයොයි, ආංඩුවෙ ලොකු තානාත්තර දරපු මහත්තැන්ලයි, මැති ඇමැතිවරුයි ඉතිං එන්ට නැතැයි මැතිනිගේ සාරි පොටේ එල්ලිලා.
හා ..නැද්ද මං කියන්නෙ...
ඇයි අප්පොච්වියේ එසේ මෙසේ වැඩක්යැයි ඉතිං ලෝකෙන්ම පළමු අගමැතිනිය රේල්ලුවක යනව කිව්වම.
කඩප්පුලි කැම්පස් කොල්ලො මොකද දන්නවද කොරල තියෙන දේ....
මුං ටික මැතිනි එන රේල්ලුව එන වෙලාව බලල විජේවර්ධන එකේ රේල් පාර පැත්තෙ සඳලුතලේට නැගල සරොං උසාගෙන ඔලුව වහගෙන උන්නලු බලාපල්ලා රේල් පාර පැත්තටම හැරිල.
මුංගෙ අහවල් ඒවා එළියෙ එල්ලි එල්ලි තිබුණා කියනවා නොවැ හුළං වැදි වැදි.
එකම ජාතියේ ඒවා ගොඩක් එක තැන පෝලිමට දැක්කම මැතිනිට මොනවා හිතෙන්ට ඇතිද අප්පා.
මේ කඩප්පුලි වැඩේ ගැන මළ පැන්න වගකිවයුත්තෝ තීරණේ කොලාලු වහාම මේ කඩප්පුලි කොලු නඩේ විජේවර්ධනෙන් අයින් කොරල ඒක කෙල්ලන්ගෙ නවාතැනක් කොරන්ට.
ඇයි ඉතිං කෙල්ලො සාය උස්සන් හිටියත් උන්ට එල්ලෙන්ට මොනවත් තියෙන එකක්යැයි ඕං.
හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඊට පස්සේ රට කොරපු එක මහඑකෙක්වත් රේල්ලුවේ ඔතනින් උත්සව වොලට ගියේ නැහැ හොඳ වෙලාවට.
නැත්තං ඉතිං විජේවර්ධනේ හිටිය කෙලිච්චියෝ ටික මොනා කොරයිද කියලා කවුදැ දන්නේ බොලල්ලා.

සෙල්ල වලවේ.....කියන්ඩ බෑනෙ නේද... වලු ගොඩක් හංදා...එහෙමනං කියන්න වෙනෙ සෙලු වලවේ...හැක්..
ReplyDeleteපොල්කිච්ච නං සොල්ල වලවන්න තමයි ලේස්ති වුණේ....කොහෙද මේ පොල්කිච්චිනෙ හෙඩිං දාල බාසාව හදන්නෙ...වල්ලම සොලවන්න ඕනෙ කිව්වෙ...බෑ කියල බෑනෙ. පවුල් කන්නත් එපැයි.
Deleteමේ කතාවේ පොඩි පරස්පරයක් තියෙනවා. පේරාදෙණියේ ඉඳන් සරසවි උයනට එද්දී විජේවර්ධන හෝල් එක පහුකරන්න වෙන්නේ නෑ නේද? මන් හිතන්නේ මැතිණිය යන්න ඇත්තේ පේරාදෙණියේ ඉඳන් රජවත්තට වෙන්න ඇති
ReplyDeleteඔව් නේන්නං ඇනෝ....එහෙම හරි නැහ්නං නුවර ඉඳං සරසවි උයනට හරි වෙන්නැති.
Deleteකොහොම වෙතත් කොල්ලො වලු පෙන්නුව කතාව නං ඇත්ත හිටං.
කටකතාවක් පමණයි නේද?
ReplyDeleteනගරාන්තර දුම්රියේ යනකොට විජේවර්ධන ශාලාවේ පල්ලෙහා තට්ටුව නම් යාන්තම් පෙනෙනවා ඇති.
විජේවර්ධන එකේ හිටපු කෙනෙකුගෙන් අසා බලමු.
පල්ලෙහා තට්ටුව පේනවා නං ඇයි බැල්කනිය නොපෙනෙන්නෙ රසිකතුමා. මේකෙ ඇත්තක් නැති වෙන්න බෑ කියලයි පොල්කිච්ච හිතන්නෙ. ඔය කාලෙ නිසා හොඳයි. ප්‍රේමදාසගෙන් පස්සෙ කළා නං වලු ගලවනවා.
Deleteමා දන්නේ මා -නගරාන්තර දුම්රියේ- ගොස් ඇති නිසයි!
Deleteමේචා නිකං විහිළු කතා පමණකි.
ඇදුරු මලියසේන කියන දේ අහන්න.
https://www.facebook.com/groups/755803857884507/permalink/821540944644131/
ඔය මාරුව කර ඇත්තේ 1969 දී යි. එතැනින් ම සිරිමා අවුට්. ඔබ ඉන්ටර්නෙට් සර්ච් කළොත් පෙනෙයි ජේආර් සහ එලිසබෙත් රැජින යන කොට මේ සිදුවීම වුණාය කියා කතාත් ලියා තියෙනවා.
දැන් පොල්කිච්චා කළ යුත්තේ එක්කෝ මේ කතාව මකා දැමීමයි, නැතිනම් උඩින්ම ලොකුවට මෙය බොරුවක් (නමුත් ජොලි තකාවක්) කියා ලිවීමයි.
අර ජේආර් සහ එලිසබෙත් කෝච්චියේ ගිය කතාව කියවා එය විශ්වාස කරන අයත් ඇති!
ප්‍රේමදාස කාලේ නම් වලු ගලවනවා කියන කතාවත් පදනමක් නැති එකක්.
Deleteඔබ පේරාදෙනියේ ඒ කාලයේ සිටියා නම් මතකද 1982 දී ප්‍රේමදාසට හිල්ඩා එකේ සිට හූ තිබ්බාය කියා පස් දෙනෙකු ගේ පන්ති තහනම් කළා?
නමුත් එපමණයි.
ඔවුන්ට උදලාගම කොමිසමොකාරයේ වගේ දඬුවම් හෝ බෝගම්බර යෑමට හෝ සිදුවුනේ නෑ!
වලුවචලට නම් කිසිවක් සිදුවුනේ නෑ!
එහෙම නං මැතිනිය වෙනුවට රැජින දා ගමු.
Deleteමේ කතා ඉතිහාස කතා නොවෙයි. ජොලි කතා. අහපු කතාවක් කියලනෙ ලියල තියෙන්නෙ.
ප්‍රේමදාසගෙ කාලෙ කියන්නෙ 87න් පස්සෙ උන්නැහේ මහතැන වුණාට පස්සෙනේ. ඊට කලිං එයා බබා.
විජේවර්ධන හෝල් එකෙන් කොල්ලන් ඉවත් කර කෙල්ලන්ට නවාතැන් දුන්නේ කොයි කාලයේ ද? ඊට හේතුව මොකක්ද ?
Deleteමා එසේ ඇසූ විට මලී මලියසේන දුන් පිළිතුර මෙසේය.
From late 1969. ( We were the last male occupants). In 1969 there was a big confrontation between the army personnel ( who were temporarily staying the night in the Gym before the Independence day celebrations in Kandy on February 4th) and the university boys. Authorities thought it was advisable to move away the boys as far as possible from the Galaha Junction to prevent such clashes in the future. Also the somewhat uncivilized behavior of the residents towards the passengers in the Colombo-Kandy train may have been a factor.
Also the somewhat uncivilized behavior of the residents towards the passengers in the Colombo-Kandy train may have been a factor.
DeleteHmm
ReplyDeleteHmmmmmm
Deleteබුහැක්.... පස්ටයි බොලං... හිහි
ReplyDeleteහිහි...හිහි..හි..
Delete//කොල්ලො ගොඩේ ඇයි කෙල්ලො ඉන්නෙ කියන එක.// අනේ අපේ නම් එක හොස්ටල් එකේ කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලම හිටියේ.
ReplyDeleteමේවා ජොලි කතා රසික. ඔන්නොහේ හිනා වෙලා නිකන් ඉන්න.
හරි නං කොල්ලො කෙල්ලො එක ගොඩේ ඉන්න පුලුවන් වෙන්න ඕනෙ නොවෙන්නං.
Deleteඅපි ඉතිං පුරුදු කරන්නෙ වෙන ග්‍රහලෝකෙකින් ආව වගේ වෙනම ඉන්නනේ.
අජිත් ලොක්ක කියන්නැහේ මේව ජොලි කතා.
පොල්කිච්චේකුට කොහෙද හුත්තෝ වල්ලක් තියෙන්නේ පොල්කිච්චට තියෙන්නෙ ගිනිකූරු කෑල්ලක් වගේ කොයි පටයක්නේ ඒකනේ පොල්කිච්චි පිටගියේ
ReplyDeleteපොල්කිච්චගෙ අහවල් එක ඕනෑවටත් වැඩි ඇනෝ....ඇන ගන්නෙ නැතිව ඉඳහං...පොල්කිච්චි පිට යන්නෙ නැතෝ...
Deleteඅනෙක වල්ල තියෙන්නෙ කැම්පස් කොල්ලන්ට මිසක පොල්කිච්චට කියල කියල නෑනෙ. ඇනෝට වලිගෙ පෑගිලා වගෙයි..හැක..හැක්.
මාත් අහල තියනව මේ කතාව. ඇත්ත නැත්තනං මන්දා හැබැයි
ReplyDeleteජොලියට කියන කතා වල ඇත්ත නැත්ත හොයල වැඩක් ඇතැයි අනේ. ඉතිහාස කතා නොවෙයිනෙ.
Deleteපොල්කිච්ච කිව්වෙත් අහල තියෙන කතාවක් තමයි. ඇත්ත නැත්ත කවුදෑ දන්නේ.
හෙහ් හෙහ් හෙහ්, මැතිනිට ඔව්ව පෙන්නුවට ගානක් නෑ අප්පා. කටුනායක ගුවන්තොටුපොළ විවෘත කොරලා එතුමිය කිව්වා මේකේ දැන් ඕනෙම එකක් බස්සන්ඩ පුලුවන් කියලා.
ReplyDeleteචීය අනේ.....මොනාද මේ ඔයාල කියන කතා...
Deleteපොල්කිච්චියෙකුට වුණත් අහන් ඉන්න පුළුවනිද ?
මචෝ, ඔය සීන් එක ඇත්ත වුනත් බොරු වුනත් අවුලක් නැහැ.
ReplyDeleteඕගනයිස් කරමුද ඕකෙම සීසන් 2 එක ?.
ලොකේෂන් එක :- මහරගම පිළිකා රෝහල.
දවස :- අර PET SCAN එක විවෘත කරන දවස.
අවස්තාව :- උස්සවේට සපැමිණෙන "ගරු" සහ "අතිගරු" උතුමන්ලා රෝහල් භූමියට සැපත් වෙන වෙලාව.
සීන් එක නම් පට්ට විදිහට කළෑකි.
Deleteඒත් පුරස්න කීපයක් තීනව.
එක: එන උත්තමයින්ගෙ හැටියට ඉස්සරහින් හොල්ලද්දි පස්සෙන් අරීද...මොකද ආව දා ඉදන්ම යහපාලනේ වචනෙ මතුර මතුර කෂ්ටිය අරින එකමනෙ කරන්නෙ.
දෙක: ඔතන ඉන්න වල්ලක් පේන්න බැරි උත්තමයන්ගෙන් බේරෙන්න බැරිව පෙන්නන උන්ට පස්සෙන් පහු ගැංසියටම එක්කහු වෙන්න වෙයිද
තුන: නැතිව එන්න වෙයිද ඕව පෙන්නන්න ගොහිං.
කියෙව්වා ඔක්කොම ටික. ජයවේවා ජෝඩුවටම. දිගටම ලියාපල්ලා.
ReplyDelete