ගැහැනු ළමයෙකු වුණත් පිරිමි වැඩ කොරපු මට ගෙදර කට්ටිය කිව්වෙ " මේකී කෙල්ලෙක් උණාට වඩා හොඳයි කොල්ලෙක් උණානං" කියලයි. ඇයි කොරන තරමක් කොලේ ඉතිං කොලු වැඩමනේ.
අක්කර ගාණක සුන්දර වටපිටාවක් තිබුණු පොල්වත්තක නිදහසේ සැරිසරන්න පුරුදු වෙලා උන්නු නිසාමයි ඉස්කොලේ අහවර වෙලා ආපු ඇසිල්ලෙන් කෑවයින් නොකෑවයින් අපේ ගේ ළඟම තියෙන ආච්චිලයි ගෙදර දුවන්නේ. වෙන මක්කටවත් නෙවෙයි ඉතිං.... මගේ වැඩ වලටම ගැලපෙන අක්කලා, මල්ලිලා එක්ක මොකක් හරි නොසංඩාල වැඩක් කොරන්ටම තමයි.
අපේ ආච්චිලයි ගේ ඉස්සරහ තිබුණා වාරෙට වැලි වගේ ගෙඩි හැදෙන දාර පිණිජම්බු ගහක්. ගහේ මුල ඉඳං අඩි 10ක් විතර යනකල් කිසිම අත්තක් නැති තනි කඳ උණාට ඕකට නඟින එක මේ මට මොන කජ්ජක්ද.
හැබැයි ඉතිං මේ ගහ සීයා අපිට තහනම් කොරලයි තිබුණේ. අපේ සීයා බොහොම සැර පරුෂ කෙනෙක් නිසා අපි උන්දෑ ඉන්න වෙලාවට වැඩිය ගහ උඩ බැලුවෙ නැහැ. හැබැයි ඉතිං උන්දැ නැති අල්ල පනල්ලෙ මම මේ ගහට නැඟගන්නවා කියහංකො. ගමේ කොල්ලො අන්තිමට මට නමක් දැම්මෙ නැතැයි "පිණිජම්බු මල" කියලා.
කොහොමින් කොහොම හරි කමක් නැහැ මේ කියන සිද්ධිය වෙනකොට මටත් අවුරුදු 14 ක් විතර ඇති. ගමේ භාෂාවෙන් කියනව නම් ජම්බු ගහෙන් වැටුණ අලුතමයි .ඒ කිව්ව ගහ පිණි ජම්බු ගහ නොවෙයි හොඳේ.
ඉතිං යමුකො කතාවට.
සීයා එහෙට මෙහෙට වෙනකල් හොරගල් අහුල අහුල උන්න අපිට ඔන්න ඉබ්බා දියට දැම්මා වගේ තමයි සීයා කොහෙද ගමනක් ගිය එක.
අර මටත් වඩා වැඩිමල් උං ඔක්කොම ඉද්දි මං නැගපි ජම්බු ගහට. ඔන්න ඉතිං මං ජම්බු කඩනවා. බිම ඉන්න උං අහුලනවා. බිම ඉන්න කට්ටිය එක එක නියෝග දෙනවා. අන්න අර අත්තෙ ලොකු ගෙඩි තියෙනවා. ඔය උඩ අත්තෙ ගෙඩි හොඳට ඉදිලා කිය කියා.
ටික වේලාවක් යද්දි ඕං කට්ටියගේ සද්දෙ නැති උණා. මමත් හොඳ ඉදුණු ජම්බු ගෙඩියක් කඩන් උඩ ඉදංම කන්න ගත්තා. මොකද බිමට බහිද්දි ඉතුරු වෙන්නෙ බිම ඉන්න උන්ට කන්න බැරි අමු ගෙඩි ටික විතරයි කියලා අත්දැකීමෙන්ම මං දන්න හංදා.
කෙහොමින් කොහොම හරි ඔය අල්ල පනල්ලේ සීයා ගිය පයිංම ඇවිත් කියහංකෝ. ඈතිං එන සීයව දැකපු ගමං උඩ ඉන්න මටවත් නොකියා අපේ උං ටික එහෙ මෙහෙ ගිහිං හැංගිලා. ඕනම නෂ්කූනිවැඩක් කොරන්ට කලින් වෙනද වගේම ආච්චිටත් කියලා තිබුණු නිසා සීයා දැකපු ගමන් උන්දැටත් තරු පේන්ට ඇති.
මිදුලට එනකොටම පේන ජම්බුගහේ "මෙන්න බොලේ ජම්බු වැටිලා හැම තැනම" කිය කිය සීයා ජම්බු ඇහිඳිනවලු.
මම දන්නවයැ ඔය අටමගලයක්. මමත් උඩ ඉඳං බිම ඉන්න උන්ගෙන් ඇහුවා " දැං ජම්බු ඇති නේදෝ.... සීයා එන්න කළිං බහින්නම් නේදෝ.." කියලා.
උඩ බලන්නත් කලින් සීයා දන්නවා ගහේ ඉන්නෙ කවුද කියලා. මොකද ඔය වගේ නසරානි වැඩ කොරන්නෙ වෙන කවුද මම මිසක්. මං ඕවට කප් ගහලනෙ උන්නෙ.
ළඟ තිබුණු පොල්පිත්තක් ගත්තු සීයා ගහ මුලට වෙලා ඉන්නවා මම බහිනකල්. පොල් පිති පාර දෙන්න. මම වගේ වගක් නැතුව ගහ උඩ.
ඔහොම විනාඩි 10 ක් විතර හිටියා කියහංකො. බැරිම තැන සීයා කෑ ගහනවා බැහැපන් බිමට කියලා. මම කියනවා බැස්සොත් ගහන නිසා මට බැරියෝ කියලා. සීයා බහින්න කියනවා. මම බෑ කියනවා .ආච්චි කනිපින්දම් ගහනවා. එකම ගාලගෝට්ටියයි.
සීයට ඔන්න ඉතිං මළ පැන්නා. ගෙදර තිබුණු ඉනිමඟ ගහට තියපු මුංදැ මෙන්න අර පොල්පිති කෑල්ලකුත් ඉණේ ගහගෙන ගහට නඟිනවා. සීයා උඩට එනකොට මම ගහ මුදුණට නගිනවා. ආච්චි කෑ ගහනවා අනේ ඔය කෙල්ලව වැටෙයි කියලා. අපේ සීයා ඉතිං ආච්චි කියන ඒවා අහන ගොයියෙක්ද. උන්දැ නගිනවා. මමත් නගිනවා.
හැබැයි ඉතිං උන්දැ කොහෙද මාත් එක්ක ගස් නගින්නෙ. මං ගිරිතල්ලටම නැග්ගා කියහංකො. සීයලගෙ වයසට කොහෙද එහෙම හපං කමක්. උන්දෑටත් එතකොට 65 ත් පැනලා මගෙ හිතේ. කෙහොමින් කොහොම හරි මඟක් නැගල උන්දැ නැවතුණා. මම ගහ මුදුනේ. සීයා ගහේ මැද.
ඔන්න ඉතිං අර හැංගුණු උං ටිකයි, ආච්චියි ගහ මුල. උං දන්නවා මාව අල්ලනවා බොරු කියලා. සීයත් ඇරියෙ නැහැ .පැය බාගයක් විතරම ඔහොම ගහේ දෙන්නම උන්නා. සීයා හොඳට ඉඳගන්න අත්තක් හොයාගෙන ටිකක් පල්ලම් බහින අතරතුරේ මමත් හොඳ පොටක් පාද ගත්තා.
ජම්බුගහ ලඟ තිබුණෙ පත කොස් ගහක්. ඒකේ ලොකු අත්තක් තියෙනවා ජම්බු ගහට පාත් වෙලා. කෙහොමින් කොහොම හරි අත්ත දිගේ කොස් ගහට ගොඩවුණ මම කොස් ගහ දිගේ බිමට බැහැගත්තා. සීයා හොඳ අත්තක හරි බැරි ගැහිලා ඉඳගෙන ඉන්නවා මට බැටේ දෙන්න.
මමත් ඉතිං ඇරියෙ නැහැ. අර ඉනිමග අරන් පැත්තකින් තියලා බිම ඉඳං සීයට නක්කලේට කෑ ගැහුවා. හූ... හූ.... මම බිම... සීයා උඩ... කියලා. තරහයි ලැජ්ජාවටයි දෙකටමද මංදා සීයත් දනිපනි ගාලා බිමට බහින්න හදද්දි ඉණිමඟ නැහැ කියහංකො. උන්දැට මළ පැන්න පාර පැන්නා නොවැ අර අඩිගාණක් උඩ ඉඳං බිමට. උන්දැත් කොරන්ට පුළුවන් දේවල් එපැයි කොරන්ට. තිරිහන් කාලේ කොරපුවා 65 න් කොරන්ට පුළුවන්ද .
කොහොමින් හරි පස්ස බිම ඇනිලා ගහෙන් වැටුණු සීයගෙ කකුලක් ඇමැට්ටි වෙලා මාස ගාණක් තෙල් බැන්දා.
අන්තිමට සීයගේ පොල් පිති පාරට එහා ගිය සම්බුවක් නම් මට ලැබුණා අම්මගෙන්. අම්මෝ ඒ පාරවල් නම් තවම රිදෙනවා රිදෙනවා වගේ. හනසු, මටුළු, බූවළු, කෝටූ එකී මෙකී නොකී දේවල් වලින් එසේ මෙසේ ප්රහාරයක් නෙවෙයි එල්ල උණේ.
හැබැයි ඉතිං ඔය මොන ප්රහාර ආවත් අපි සැලුණෙ නැහැ. ඊළඟ ජම්බු වාරෙත් මං ගහේ.

අප්පට සිරි ජම්බෙ..
ReplyDeleteජම්බෙ .. ඒ නම හොඳා වගේ... හිහි..
උඹේ ලිවිල්ල නං මසුරං මචී... හෙහ් හෙහ්... මං කැමතිම වචන සෙට් එකක් තියෙයි.
අනික පේන විදියට මුට කටිං වගෙම අතිං පයිං ගහන්නත් එකෙක් නැතිවෙයි වගේ හිහි.
මේ ෆෝන් කටුවලින් ඇවිත් කොමෙන්ට් කොටන්න අපාෂුයි බොලං ආයෙ ඇවිත් හොදවැයිං දෙකක් කියල යංනංකො..
හෙහ්.. ටටා
කටිං ආවත්, අතින් පයින් ආවත් අපි ඔට්ටුයි හරිද......
Deleteඔන්න එහෙනං ආයෙම මංගච්චනකල් බලං ඉන්නවා.
- මං පොල්කිච්චී
හා..හා...මේ..මේ.......අපේ පොල්කිච්චිට නම් පටබඳිනව නොවෙයි ඔං...
Deleteෆලෝවර් ගැජට් එක දාගන්න
Deletelayout> add a gadget> more gadget> followers
ඔන්න කිව්ව නිසාම දාගත්තා.
Deleteමුලදිම අල්ල ගන්න ලැබීම ගැන සතුටුයි......
ReplyDeleteඅපේ සින්ඩියටත් දා ගත්තා... අනික් අයටත් කියන්නම්......
http://kurutugegeepawra1.blogspot.com/
මුලින්ම කුරුටු ගෑ ගී කියවන්න ලැබුණු එක ගැනත් සතුටුයි. අපි ඉතිං දන්න අඳුනන කට්ටිය නොවැ.
Deleteලිවිල්ල ඉස්තරන්.. දිහටම ලිව්වනං හිටං..
ReplyDeleteසුපැතුම්.....
හදවතින්.....
මාතලං අයියේ...සින්ඩියෙ එල්ල ගත්තට ගොඩක් පිං...අපි ඉතිං තාම කෝඩුකාරයොනෙ හිටං.ඉඩක් ලැබුණ හැටියෙ ලියංඤං....
Deleteනෙලුම්යාය කණ්ඩායම තමයි පාර කිව්වේ. බොහොම හොඳ අද්දැකීම්. ප්රාදේශීය භාෂා රටාවේ වචන එකතුකොට ලිවීමත් වැදගත්. මම මගේ බ්ලොග් රෝලට දාන්නම්.
ReplyDeleteනෙළුම් යාය කිව්වෙ අර අපේ ගමය පටාං ගත්තු තෑගි-බෝග, පඬුරු- පාක්කුඩං ප්රොදානය කොරන වැඩේ වෙන්ටැ. හොඳයි විචාරකතුමෝ...එල්ල ගන්ට..එල්ල ගන්ට.
Deleteහරියටම හරි
Deleteතෑගි-බෝග, පඬුරු- පාක්කුඩං ඕනෙම නම් ඉදිරියේදී මහා රැජින බලන්න උනත් හදලා දෙයි
හරිම විසිතුරුයි.. බ්ලොග් එකත් ලිවිල්ලත්.. ජය වේවා.. දෙපෙත්ත පේනවා. දිගටම කරගෙන යන එක ඔබලාගේ වගකීමක්.. ජය
ReplyDeleteඅපේ පැත්තෙ ආවට ස්තූතියි දේශකයාණෙනි, දිගටම කොරගෙන යන්නම තමයි අපි පොල්කිචි ජෝඩුව එක්කාසු වෙලා පටන් ගත්තෙ. ගෙදොර දොරේ වැඩපළ කරල නිවීහැනහිල්ලෙ ඉන්නැද්දි විතරක් නොවෙයි රාජකාරි අතර විරාමයෙදිත් ටික ටික කොටන්නයි කම්පනාව.
Deleteජම්බු ගහෙන් වැටුනම ලේත්තේ හූ කියලා කෑ ගහනවද
ReplyDeleteහපොයි, පොල්කිච්චිට ලැජ්ජ හිතෙයි.
Deleteපරන වචන අමතක වේගන යන්නේ....හනස්සයි, මටුල්ලයි, බූවල්ලයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. පොල් මලේ කේස් එකට මොකක්ද කියන්නේ?
ReplyDeleteපොල් මලේ කේස් එක තමයි හනස්ස. මටුල්ල කියන්නෙ පොල් ගොබේ කේස් එක. පොල් මල වයසට ගියාම කියන්නෙ බූවල්ල කියලා.
Deleteතැන්ක්යු, තැන්ක්යු........පොල්කිචි ජෝඩුව නමටම හරියන පොල් පකීර්ලා නේ :D
Deleteඅපි ඉතිං පොල් ත්රිකෝණෙ ඉපදිලා, පොල් අතු වියාගෙන, පොල් පරාල වහල වලට බැඳගෙන, පොල් සම්බෝල එක්ක පොල් රොටි කාලා, පොල් පැණි වලින් හදපු කැවිලි, පෙවිලි පොල් තෙලෙන් බැදගනෙ, හුලු අත්තෙන් පංදම් පත්තු කාෙරගෙන පොල් වතු මැද්දෙන් නෑගං ගිය කොල්ලො කෙල්ලො හොඳේ..
Deleteඔන්න අපිත් ආවලු මේ පැත්තේ.. ලියවිල්ල රහයි.. දිගටම ලියමු..
ReplyDeleteආවට සිතූතියි. දිගටම ලියංඤං. ආපහු එන්ටකෝ...
Deleteඔය ගස් නඟින ලෙඩෙ තියන්නෙ පොඩි කාලෙ කෙල්ලොනට මද කොහෙද...තමන්ගේ ගෙදර නම් ඔහෙ කමක් නැ කියමුකො ඕන ගහක නැගල ඕන දෙයක් කරාට... වැඩෙ කියන්නෙ යන යන තැන ගස් නැගල බහින්නෙ නැතුව ගඩා ගෙඩි කඩාගෙන කාල ගහටම වෙලා ඉන්න අයත් ඉන්නවා. ඒ පුරුදු කොයි තරන් ද කිව්වොත් කසාද බැඳල ගිය දවසෙත් ගහකට නැගල පේර කැඩුවයි කිව්වාම... හි හි...
ReplyDeleteඅපොයි පොඩිකාලෙ තිබුණ ගස් ලැබුණ ලෙඩේ මට නං තාමත් හොඳ වෙලා නෑ. තාමත් ගේ ඉස්සරහ කොස් ගහට නැගල කොස් කඩන්නෙ මං තමයි. තාම ඉතිං මං ගැටිස්සි හංද හොඳා.
Deleteපුහ්....හොඳ ගැටිස්සි. පුත්තලං බූරුවො තුන් දෙනෙකුට වයසයි.
Deleteඅගෙයි.
ReplyDeleteපිනි ජම්බු මල
ජයවෙවා..
හපොයි...බ්ලොග් එකෙත් ඒ නම රෙජිස්ටර් වුණා හෙනං....
Deleteස්තූතියි...ආයෙත් එන්න.
පට්ට...!
ReplyDeleteස්තූතියි කිව්වා ඔන්න.
Deleteස්තූතියි කිව්වා ඔන්න.
Deleteහඃ හා නියමෙට ලියලා
ReplyDeleteනියමයි නං නියමයි.
DeleteThis comment has been removed by the author.
Delete