පොල්කිච්චි නැගල යන කතා දෙකක්ම ලිව්ව හිංදා පොල්කිච්චත් නැගල, බැහැල යනකතාවක් කියන්ට හිතුවා.
මේ මං ඉලංදාරි සන්දියෙ වෙච්චි අකරතැබ්බක්. ඒ දවස් වල ඉතිං මං පොර ජැංඩිපහේ ඉළංදාරියා නොවැ.
විස්ස විජ්ජාලෙන් එළියට ගෙහුං මුල්ම රස්සාව කොළේ ගෙලිඔය පැත්තෙ කොම්පැනියක.
හරියටම කියනව නං වයසට ගියත් තරුණ පෙනුම එහෙමම තියෙන, සිංහල සිනමාවේ සීනිබෝල පෙම්වතාගෙ ප්රතිරූපෙ කඩාබිඳ දමපු කලංගෙ ගෙදර ගාව.
මං නැවතුණේ ඊට ටිකක් පේරාදෙනිය පැත්තට වෙන්ට මහපාර අයිනෙම තිබුණ ගෙදරක.
මේ ගෙදර උන්නෙ වයසක අම්මයි, එයාගෙ ලොකුමහත් වුණ පුතයි, ලේලියි, ඉස්කෝලෙ යන වයසෙ දුවයි.
සේන අයියයි, එයාගෙ නෝනා මහත්තයයි දෙන්නම ගුරුවරු. කුකුළත් අරගෙන ගෙදරින් ගියාම ආපහු එන්නේ ඉතිං ඉර හැරෙන ජාමෙ තමයි.
ගෙදර ළමිස්සි ඒ වෙනකොට ඕ ලෙවල්. ඒත් අම්මට හැටත් පැනල. මං හිතාගත්ත ගොඩක් පහුවෙලා ලැබුණ දරුවෙක් වෙන්ට ඇති කියල.
මං නැගිටිද්දි සේන අයියලා පිටත්වෙලා. ගෙදර ගෑනු දරුවා හත වෙද්දි ඉස්කෝලෙ බස් එකට නගින්ට ඕනෙ.
ඒ හංද අටට ගෙදරින් යන්න ඕනෙ මටත් හයාමාර වෙද්දි නැගිටින්ට සිද්ධ වුණා කියහංකෝ. සිද්ධ වුණා කියන්නෙ මාව අවදි කොළා. වෙන කවුරුවත් නොවෙයි, කාමරේටම තේ එක අරං ආපු ගෑනු ළමයා.
ඒ සංගෑදියි වුණේ මෙන්න මෙහෙමයි.
මට නවතින්ටදීල දවස් කීපයක් යන්ට කලින්ම ගෑනු දරුවගේ අම්ම, මම කිව්ව විදිහට ඇන්ටි මගෙ ජාතකේ ඉඳං අහගත්ත.
ඒ වෙනකොට විභාගෙ ෆේල් වෙලා උනුනු මම ඒ වගක් කියන්ට ගියේ නැහැ. රස්සාවකුත් කොරන නිසා දැන් ඉතිරි වෙලා තියෙන්නෙ පරස්තාවක් කොරගන්න එක විතරයි කියල ඇන්ටි හිතනව කියල මට තේරුණේ උන්දැගෙ කතාවෙන්ම තමයි.
ඔන්න බොලේ මට විශේෂ සැළකිලි ලැබෙන්ට පටන්ගත්ත. කොලු කාලෙනේ. මාත් ඉතිං නොතේරෙනවා වගේ සියලු සැළකිලි බුක්ති වින්දා කියහංකො.
උදේ ගෑනු ළමයා අතේ කාමරේටම තේ එක. සුළුපටු වාසනාවක්ද අප්පා. දවල් කෑමට ගෙදර ඇවිත් හොඳට බෙදාගෙන කන්ට කියගත් කිව්වා නොවැ. බෝඩිංකාරයෙකුට නොලැබෙන තරමේ හොඳ කෑම වේලක් ඔන්න ලැබෙන්ට ගත්ත.
ඒ මදිවට නෑගං යද්දි තනි නොතනියටත් එක්ක මාව එක්කන් යන්ට පටාංගත්ත. ඔන්න එතකොටයි මගෙ ගොං මොළේට තේරෙන්ට ගත්තෙ එන පොට හොඳ නැතෝ කියල.
ඒ මදිවට යන නෑ ගෙවල්වල කට්ටිය මට සැළකුවෙ පවුලේම කෙනෙකුට වගේ. නෑකම් කියල කතා කොරන්නත් ගත්තයි කිව්වම. සේරටම හපන් සේනයියයි, අක්කයි මට වෙනද නැති ගෞරවයකින් කතා කොරන්ටත් ගත්තෙ නැතැයි.
දැං ඉතිං පවුලේම කෙනෙක් වගේ තමයි. බින්න බස්සගන්න වැඩපිළිවෙළක් කිරියාත්මක වෙන බව මට නොතේරුණාම නොවෙයි. ඒත් කොලු කොමට මට හිතුණෙ එව්ව කොහෙද මාත්තෙක්ක කියලයි.
ඔන්න ඔහොම දවස් ගත වුණා කියමුකෝ....
ගෑනු දරුවා උදේ කාමරේට තේ එක ගෙනැවිත් දොර ළඟ ඉඳං "අයියේ...." කියල අවදි කොරන එක වෙනුවට ඇඳේ කොනක ඉඳගෙන හොල්ලල අවදිකොරන්ට පටාංගත්තා. තේ එක බීල ඉවර වෙනකල් එක එක විකාර කිය කිය ඉඳල එයාම කෝප්පෙ හෝදන්ට අරං ගියා.
ඉස්කෝලේ යන්ට එළියට බැහැල බස් හෝල්ට් එකට නොගොහිං මොකක් හරි කාරණයක් හදාගෙන මට එළියට කතා කොරල පාරෙ යන හැමෝටම අත වනන්න පටාංගත්ත.
රෑට ටී.වී. බලන්ට ඉඳගත්තම මං වාඩිවෙන ඇඳි පුටුවට බර දීල කෙල්ල පිටිපස්සෙන් ඉඳගන්න පටාංගත්තා කියහංකො.
සේනයිය රවන්ට ගත්තොත් බලන්ටකෝ අම්මේ.. කියල තොඳොල්වෙන්ට වුණා. ඇන්ටිත් 'මොකද සේන කෙල්ලට රවන්නෙ' කියල අහල පුතාට නොනිළ තරවටුවක් කොළා.
ඇන්ටි නිවාඩු දාට මාවත් එක්කාසු කොරාන බැරි බැරිගාතෙ ගල් පඩි නැගගෙන වත්ත පහළට ගෙහුං හතර මායිං පෙන්නන්ට ගත්ත. හරියට මඟුල් තුලා කතාකොරල දෑවැද්ද තීන්දු කොරනව වගේ.
මේ අතර දවසක් කෙල්ල ඇඟ හිරිවැටෙන කතාවක් කියපි.
"දැං මට කෙල්ලො විහිලු කරනව අනේ..."
"ඒ මොනාටද.."
"බස් එකට නගින කල් දෙන්න කතා කර කර ඉන්නෙ ගෑනියි, මිනිහයි වගේ කියල".
අම්මෝ මට හීන් දාඩිය දාන්ට ගත්තා ඕං.
" ඇයි ඒගොල්ල එහෙම කියන්නෙ.."
"ඇයි අනේ...කෙල්ලො හිතාන ඉන්නෙ අපි යාළුයි කියලනේ." එහෙම කිව්ව එයා හෙමීට මෙහෙම මිමිනුව.
"අම්ම හිතාගෙන ඉන්නෙත් එහෙම තමයි." මට කලාන්තෙ නොදැම්ම ටික විතරයි.
"අම්ම අපේ නෑයන්ටත් කියල. අහල පහල අයත් දන්නව"
කෙල්ල කියපි එයා හදාගත්ත ළමයෙක්. සේනයිය විතරයි පුතා. ඒත් අම්ම එයාට ගොඩක් ආදරෙයි. අම්මට වයස නිසා ඕ ලෙවල් ඉවර වුණ ගමන් මාව එකලාසයක් කොරන්ට ඕනෙ කියල කියනව කියල.
ඒව කොහෙද මාත්තෙක්ක කියල හිතුවට ගැලවෙන එක ලේසි වෙන්නෙ නෑ වගේ කියල මට හිතෙන්ට ගත්තා.
කරකියාගන්ට දෙයක් නැතිව ඉන්දැද්දි මහවැලියෙ වැඩ කොරපු යාළුවෙක් වැඩපොළට ආව, නුවර යන ගමන්.
මම විස්තරේ කිව්ව.
"උඹ දැන් ඔය බෝඩිමෙන් යන්ට ඕනෙ" කියල ඌ කිව්ව විතරක් නොවෙයි මම දවල් කෑමට යද්දි මූත් මාත් එක්කම වාහනේ ගෙදර යන්ට ආවා.
යාළුවෙකුත් ඇවිත් තියෙන්නේ කිව්ව ඇන්ටි ඉන්න දෙන්නටම කෑම අරින්නං කියල කුස්සියට ගියා.
"දැං කොහොමද බං මෙතනින් යන්නෙ" මං එකල මෙකල වුණා.
"උඹ කට වහං ඇඳුම් කැඩුම්, සබ්බසකලමනාවම බෑග්ගෙකට දාගනිං. අර චිංචි මානවිකාව එන්ට කලිං මාරු වෙන්ට ඕනෙ. ඇන්ටිට මං ගුලිය අඹරන්නං."
මම විභාගෙ පාස් වෙලා නෑ, මොකක්ද මේ කොරන පිස්සුව කියල මේක කෑම කද්දි මට බනින්ට පටන් ගත්ත.
"විභාගෙ ලබන සුමානෙ. මං ආවෙ පාඩං කොරල විභාගෙට ලියන්න එක්ක යන්ට. උපාධිය නැතිව ජීවිතේම අඳුරෙනෙ ඇන්ටි. විභාගෙ ඉවර වුණ ගමන් ආයෙම ගෙනැත් ඇරලන්නම්".
එහෙම කියල කෙල්ලගේ අම්මට මොනාවත් හිතාගන්ට ඉඩ නොදී මගෙ බෑග් එක අතට ගත්තු යාළුව වාහනේට නැග්ග.
මම ඇන්ටිට දණ ගහල වැන්ද.
"පුතේ...කෙල්ල ඉස්කෝලෙ ඇරිල එනකල්වත් ඉන්නෙ නැද්ද?"
"වෙලා නෑ ඇන්ටි. මං හදිසි ගමනක් යන ගමන්. අපි ඇවිත් යන්ට එන්නංකෝ" මට කලිං යාළුව උත්තර දුන්න.
"පව් බං...." මම කිව්ව.
"කාටද...අම්මටද...දුවටද..."
"දෙන්නටම...."
"මේ වැඩේ නොකරන්න උඹටයි පව්. ගොං හරක" යාළුව කිව්ව.
"මං හොඳ වෙලාවට ආවෙ. නැත්නං කෙල්ල බඩවෙලා උඹ කරගහලයි නවතින්නෙ." ඒක නං ඇත්ත කියල හිතෙන්ට ගත්තෙ පස්සෙ කාලෙක.
ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කියලා නොහිතෙනවත් නොවේ ඉතිං.
පොල්කිච්චව එකෙන්ම අහුවුණා. ඒ දවස් වලම ඔය පැත්තෙ ඔය වගේ කතාවක් අහල තිබුණ මතකයි.
ReplyDeleteජෝඩුවම බ්ලොග්කාරයො ඈ...
හිතාගෙන ඇති අහුවුණා කියලා...ඒව හඳේ...
Deleteහැබෑටම දැන් ඔය වෙන අතකට කීවට සිද්ද වුනේ ඒ කටයුත්තම නේද?
ReplyDeleteහප්පොච්චියෝ..මං පොල්කිච්චි පේරාදෙණිය පැත්තෙ නොවේ....
Deleteබුහැක්.. පොල්කිච්ච ට ඒක වුණා නං අම්මාපා අද බ්ලොග් තඩියකුත් නෑ නෙව හිටං..
ReplyDeleteහැක් හැක්
හොඳ වෙලාවට එහෙම නොවුණෙ. නැත්තං ඉතිං බ්ලොග් කෙරුවාව නොවෙයි, දෑවැද්දට ලැබෙන ඉඩමෙ වගා කොරන්නයි වෙන්න තිබුණෙ ඕං..
Deleteපොල්කිච්චා පොල්කිච්චිගේ නැගලා බහින කතාවක් ලියමුද කිචි කිචි ගාලා
ReplyDeleteපොඩ්ඩක් ඉවසන්න අප්පා..ඒවත් ලියන්නං...
Delete//ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කියලා නොහිතෙනවත් නොවේ ඉතිං.//
ReplyDeleteඔය පනින්නෙ බළල මල්ලෙං එළියට. පොල්කිච්චී බලාගෙනයි.. හැක්.
සුපිරි ලියමනක්. ජය වේවා
මං පොල්කිච්චි ඉතිං බොහෝම උනන්දුවෙන් බලං ඉන්නෙ අප්පා. පොල්කිච්චා කොහෙද වැඩිය සෙල්ලං දාන්නේ.
Deleteඑතනින් පස්සේ කවදාවත් හම්බවුනේ නැද්ද? ඒ ළමයා ගැන දුකත් හිතෙනවා. එත් දුක හිතිලා කසාද බඳින සිරිතක් නෑනේ නේද? දුකට පුම් ගගහා තමයි ඉන්න වෙන්නේ එතකොට.
ReplyDeleteමොකද නැතුවා. ඔය ළමයි තුන් හතර දෙනෙක්ම අතෙං කරෙං එල්ලං හිටියේ අප්පා.
Deleteපේරාදෙනිය අවට මගේ බැචාලා කීප දෙනෙකුත් නතර වුණා, එකෙක් සෙකන්ඩ් ඉයර් එකේම. අනෙක් උං දෙන්නා ඒ දවස්වල ප්ලෑන්වලට පසු කාලීනව.
ReplyDeleteඔය වගේ සංගෑදි පොල්කිච්චටත් නිකං මතකයි මතකයි වගේ...
Delete/* ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කියලා නොහිතෙනවත් නොවේ ඉතිං. */
ReplyDeleteගෙලිඔය බෝඩිමට එන්න ඉස්සෙල්ලා හිටිය අර මහ බෝඩිමේ හිටිය කාලේ එතැනම බින්න බහින්න වුනා නම් හෙම නේද?
;-)
හා..හා..කට..කට.
Deleteරසිකයියට අහු වුණා එහෙනම්.
ඔය බ්ලොග්කාරියෙකුට දෙන්නෙකුට දෙන්නෙකුට වැඩිය කියනව නොවෙයි ඔන්න.
බෝඩින් මතක මරු ...
ReplyDeleteසිංහල බ්ලොග්ගල..
ඉඳහල්ලකො පොල්කිච්චිගෙත් බෝඩිං කතා කියන කල්.
Delete//ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කියලා නොහිතෙනවත් නොවේ ඉතිං.// පොල්කිච්චි මේකට මොකද කියන්නේ කියල දැන ගන්නට කැමතිය. අද රෑට කෑම නැත.
ReplyDeleteකරුමේ වලක්වන්ට බෑ කියනවා නොවෑ නේද අජිත් අයියා... මං පොල්කිච්චි පව්....
Deleteවරෙංකො රෑට ඇඳට...පව් පිං කියා දෙන්න...
Deleteමේ බ්ලොග් එකටම කිච්චයි කිච්චියි කියල ෆෝපයිල් දෙකක් අටවාගත්තනං පංකාදුයි
ReplyDeleteඅර රවියයි රංදිලුයි වගේ
අටෝ ගත්ත නං මරු තමයි. දන්න එකෙකුගෙන් අහගෙනවත් කොරන්න බලන්නම්.
Deleteනැත්තං පොල්කිච්චිගෙන් විසුමක් නැති වෙයි. මට වෙනම ප්‍රොෆයිල් එකක් ඕනේ කිය කියා.
අටමත් දාන ලෙඩ අම්මපා...
ඒ යෝජනාව ගැන හිතමින් තමයි පහලට ආවෙ. නැත්තං උඹල දෙන්න පැටලෙනව.
Delete