මේ කියන්ට සූජානම් වෙන සංගෑදිය වෙලා තියෙන්නේ ඕං මං පොල්කිච්චා විස්ස විජ්ජාලෙ යන්ටත් සෑහෙන කාලෙකට කලිනුයි බොලල්ලා.
මං හිතන්නේ හාල් පොලු ආංඩුව පිහිටෙව්ව කාලෙ වෙන්ට ඕනෙ.
මේ කතා කෑල්ල අහුල ගත්තෙ නම් ඉතිං පොල්කිච්චට නිකන් කට තියන් ඉන්ට බැරුව පේරාදෙනියෙ හොස්ටල් වලට ගැහැනු පිරිමි ළමයි බෙදල තියෙන විදිහෙ අවුලක් පෙනිල ඒ මොකෝ කියල ජේස්ට උත්තමයින්ගෙන් අහපු පුරස්නෙකින් අප්පා..
හැම විස්ස විජ්ජාලෙකම වගේ පිරිමි හොස්ටල් තියෙන්නෙ එක කිට්ටුව වගේම තමයි කාන්තා හොස්ටල් තියෙන්නේ එවායෙන් ටිකක් ඈතට වෙන්ට එක පොකුරට .
වැඩේ කියන්නේ හැබැයි පොල්කිච්චා විස්ස විජ්ජාලේ යන කාලේ පේරාදෙනියේ හොස්ටල් වල පොඩි වෙනසක් තිබුණා.
පිරිමි හොස්ටල් මැද්දේ තියෙන විජේවර්ධන එකේ මෙන්න බොලේ කෙල්ලෝ ඉන්නවා.
ඒ වගේම තමයි කාන්තා හොස්ටල් මැද්දේ තියෙන හිල්ඩා එකේ කොලු නඩයක් නවාතැන් අරගෙන.
පොල්කිච්චට ආව පුරස්නේ තමයි ඕං ඕක.
කොල්ලො ගොඩේ ඇයි කෙල්ලො ඉන්නෙ කියන එක.
අපරාදේ කියන්ට බෑ ජේස්ට උත්තමයත් හොදට ලුණු ඇඹුල් ඇතිව කියලා දුන්නෙ නැතැයි ඕං විජේවර්ධන එකෙන් කොලු නඩේ චුත කොරපු කතාව.
විස්ස විජ්ජාලේ පටන් ගත්තු සන්දියේ ඉඳන් විජේවර්ධන එක කොලු නඩයෙ නවාතැන් පොළක් තමයිලු බොලල්ලා.
විජේවර්ධන එක තියෙන්නේ ඉතිං රේල් පාරට බොහෝම කිට්ටුවෙං නොවැ.
සරසවි උයන ඉස්ටේසම විවෘත කොරන්ට හරි, එහෙම නොවේනං වෙන උත්සවේකට හරි කන්ද උඩරටට ආපු අගමැතිනි පේරාදෙනිය ඉස්ටේසමේ ඉඳන් සරසවි උයන ඉස්ටේසමට උත්සවසිරියෙන් කැඳවගෙන ඇවිත් තියෙන්නෙ රේල්ලුවෙන්නෙ.
රේල්ලුව හොඳට සරසල, ලොකු පොරචාරයකුත් දීලයි කියහල්ලකො අගමැතිනියව කැන්දගෙන ඇවිත් තියෙන්නෙ.
පත්තරකාරයොයි, ආංඩුවෙ ලොකු තානාත්තර දරපු මහත්තැන්ලයි, මැති ඇමැතිවරුයි ඉතිං එන්ට නැතැයි මැතිනිගේ සාරි පොටේ එල්ලිලා.
හා ..නැද්ද මං කියන්නෙ...
ඇයි අප්පොච්වියේ එසේ මෙසේ වැඩක්යැයි ඉතිං ලෝකෙන්ම පළමු අගමැතිනිය රේල්ලුවක යනව කිව්වම.
කඩප්පුලි කැම්පස් කොල්ලො මොකද දන්නවද කොරල තියෙන දේ....
මුං ටික මැතිනි එන රේල්ලුව එන වෙලාව බලල විජේවර්ධන එකේ රේල් පාර පැත්තෙ සඳලුතලේට නැගල සරොං උසාගෙන ඔලුව වහගෙන උන්නලු බලාපල්ලා රේල් පාර පැත්තටම හැරිල.
මුංගෙ අහවල් ඒවා එළියෙ එල්ලි එල්ලි තිබුණා කියනවා නොවැ හුළං වැදි වැදි.
එකම ජාතියේ ඒවා ගොඩක් එක තැන පෝලිමට දැක්කම මැතිනිට මොනවා හිතෙන්ට ඇතිද අප්පා.
මේ කඩප්පුලි වැඩේ ගැන මළ පැන්න වගකිවයුත්තෝ තීරණේ කොලාලු වහාම මේ කඩප්පුලි කොලු නඩේ විජේවර්ධනෙන් අයින් කොරල ඒක කෙල්ලන්ගෙ නවාතැනක් කොරන්ට.
ඇයි ඉතිං කෙල්ලො සාය උස්සන් හිටියත් උන්ට එල්ලෙන්ට මොනවත් තියෙන එකක්යැයි ඕං.
හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඊට පස්සේ රට කොරපු එක මහඑකෙක්වත් රේල්ලුවේ ඔතනින් උත්සව වොලට ගියේ නැහැ හොඳ වෙලාවට.
නැත්තං ඉතිං විජේවර්ධනේ හිටිය කෙලිච්චියෝ ටික මොනා කොරයිද කියලා කවුදැ දන්නේ බොලල්ලා.
